සජිත් මන්ත්‍රීකමක් දෙන්න පොරොන්දු වුණාට දෙන පාටක් නෑ,..! – රංජන්…

February 10, 2023 at 5:56 pm | by emanisa.lk

තමාට ලැබුණේ පූර්ණ නිදහස් නොව බැඳ දමන ලද අර්ධ ජනාධිපති සමාවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

ඒ නිසා ඡන්දය ඉල්ලීම, ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සිවිල් පුරවැසියෙකුට හිමි දේශපාලන අයිතිය තමන්ට නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති සමාව ලැබ එළියට පැමිණි මොහොතේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රී ධූරයක් හිස් වූ වහා තමන්ට මන්ත්‍රී අසුනක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද දැන් ඒ පිළිබඳ කතා නොකර බවත් රංජන් රාමනායක සඳහන් කරයි.

තමන් සිරදඬුවම් හිමි වීමත් සමග ම දිනක් ඇතුළත අජිත් මාන්නපෙරුමට සිය මන්ත්‍රී ධූරය හිමි වූ බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *