චරිත නිදහස සභාවටත් කොකා පෙන්නයි…! ඩිලාන් සමග 13 ගේන්න රනිල් මග යයි…!

February 10, 2023 at 11:02 am | by emanisa.lk

13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමන් පක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර නිදහස ජනතා සභාවට එකතු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් සඳහන් කරයි.

තම මන්ත්‍රී කණ්ඩායම මීට වෙනස් මතයක් දැරුව ද තම මතය එය බව ද ඉන්දියාවේ ජාතීන් විශාල ප්‍රමාණයක් එක්ක තබාගෙන දියුණුවට යාමේ රහස ඉන්දියානු බලය බෙදාහැරීමේ මොඩලය බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ද ඒ ආකාරයෙන් දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කර දෙමළ ජනතාව සමග එක්ව රට දියුණු කළ හැකි සංවාදයක් ආරම්භ කළ යුතු බව ද ආචාර්ය හේරත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමිනි.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ද මෙයට පෙර ප්‍රකාශ කළේ කවුරු එරෙහි වුව ද 13 වන ව්‍යවස්ථා සංශෝධනයට තමන් පක්ෂ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *