තවත් ඇමැති ධූරයක් සූදානම් ද..? වඩිවෙල් සුරේෂ් සජබෙන් යයි…!

February 9, 2023 at 7:31 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිය තීන්දුව පක්ෂයට දැනුම් දුන් බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.

තමා පස්සර ආසනයේ සංවිධායක ලෙස සංවිධානය කළ ජන හමුවක් සඳහා සජිත් ප්‍රේමදාස සහභාගී නොවීම සහ වැලිමඩ වෙනත් ජන හමුවක් ඇමතීම නිසා මෙම තීන්දුව ගත් බවයි, වඩිවෙල් සුරේෂ් ප්‍රකාශ කළේ.

මෙම සිදුවීම නිසා තම බලවත් අපහසුතාවට පත් වූ බවත් නිවාඩු දමා ජන හමුව සඳහා පැමිණි ජනතාව ඉදිරියේ තමා බොරුකාරයෙක් වූ බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *