13 වන සංශෝධනය කිසිසේත් ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු නැති බව හිටපු අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර පවසයි.
ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ ආදී කිසිදු ජනාධිපතිවරයෙකු 13 සම්පූර්ණයෙන් බලාත්මක නොකළේ එමගින් රට දෙකඩ වීමේ අවධානම නිසා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ රට වසර 2500ක් තිස්සේ ඒකීය රාජ්‍යයක් ලෙස පැවැති අතර ඒ වෙනුවෙන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කොට ඇති බව ද ආචාර්ය වීරසේකර අවධාරණය කරයි.
එහෙයින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා කිසිසේත් ඉඩදිය යුතු නැති බවත් 69 ලක්ෂයක ජන වරමක් සහ 2/3 පාර්ලිමේන්තු බලයක් ලැබුණේ ඒ සඳහා නොවන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.