හෙලිකොප්ටරේ ළඟදිම මැදමුලට කඩා වැටෙනවා..! – සාගර…

February 2, 2023 at 9:22 am | by emanisa.lk

පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවැති විශේෂ රැස්වීමක දී මහ ලේකම්වරයා එම අදහස් පළ කළේය.

ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගෙන පක්ෂයෙන් නෙරපන බවත් හෙතෙම අවධාරණය කරයි.

නිදහස ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටරය කොයි මොහොතක හෝ නෙළුම් මාවතට හෝ මැදමුලනට කඩා වැටෙනු ඇතැයි ද සාගර කාරියවසම් ප්‍රකාශ කළේ මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *