රනිල් අපි බෙදන්න එපා..! පළාත් සභාවලට පොලිස් ඉඩම් බලතල එපා…! – අරුණ් සිද්ධාර්තන්….

January 29, 2023 at 2:51 pm | by emanisa.lk

ඉතා ම කුඩා රටක් පළාත් නවකට බෙදා පොලිසි 09ක් පිහිටු වීම නිසා ඉතා ම බරපතළ ගැටළුවක් නිර්මාණය වන බව අරුණ් සිද්ධාර්තන් පවසයි.

ඉන්දියාව බලහත්කාරයෙන් අප මත පැට වූ පළාත් සභාවලින් ජනතාවට කිසිදු සෙතක් නොමැති බවත් කළ යුත්තේ ජනතාව සමග සමීපව කටයුතු කරන නගර සභා ප්‍රාදේශීය සභා බලවත් කොට පළාත් සභා ක්‍රමය අහෝසි කොට දැමීම බවත් ඔහු අවධාරණය කරයි.

ඉඩම් පොලිස් බලතල ඉල්ලන්නේ උතුරේ ජනතාවට නොව එහි බලය දරන දේශපාලනඥයින්ට බව සඳහන් කරන අරුණ් සිද්ධාර්තන්, තේසවලාමේ නීතිය අනුව යාපනේ බහුතර කුලහීන යැයි කියන දෙමළ ජනතාවකට එහි කුලවත් ජනතාවගේ අනුමැතිය නොමැතිව ඉඩමක් මිලට ගත නොහැකි බව ද ප්‍රකාශ කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ කටයුතු කිරීමේ දී කොටි සංවිධානය ඇතුළු උතුරු නැඟෙනහිර සන්නද්ධ කල්ලි විසින් අතුරුදන් කළ ඝාතනය කළ දෙමළ සිංහල මුස්ලිම් ජනතාවට ද යුක්තිය ඉටු කළ යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *