75 වෙනි නිදහස සැමරුමට කුකුල්ලු සහ කිකිලියෝ….!

January 28, 2023 at 5:08 pm | by emanisa.lk

බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මේ සාකච්ඡාවට ඔහු ගම් කුකුලකු ද රැගෙන පැමිණීම විශේෂත්වයකි.

බිත්තර ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමාද යයි ද බිත්තර ප්‍රශ්නයට විසඳුම් නොලැබුණහොත් රටේ හෝටල් සහ ආපනශාලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *