මල් මාලාවට 97 000යි… ජාතික ගීය ගයන්න ලක්ෂ 18යි…! නිදහස් සැමරුමෙනුත් ගසා කන හැටි ජනපතිට මාට්ටුයි…!

January 27, 2023 at 8:41 am | by emanisa.lk

75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට අද (26) උපදෙස් ලබා දුන්නේය.

ඒ, 75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (26) පැවැති සාකච්ඡාවකදීය.

“සමහර ඇස්තමේන්තු ගැන මම පුදුම වුණා. ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්. එ.ජා.ප.යෙන් කරද්දි වියදම් කළේ මල්මාලාවලට විතරයි. මම දන්නේ නැහැ රුපියල් 97,000 ක් වුණේ කොහොමද කියලා. ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18ක් ඉල්ලලා. අපි නම් ඉස්සර කළේ. ප්‍රවාහන දීමනා සහ ආහාර දුන්නා. ලේකම්තුමා මේ වියදම් ගැන බලන්න ඕනේ.

මම උදාහරණයක් කියන්නම්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ප්‍රසංගයක් කරනවා. ඒකට අවශ්‍ය මුදල් ඒ අයම හොයාගන්නවා. අපි දෙන්නේ නෙළුම් පොකුණ නොමිලේ දෙන එක විතරයි. අන්න එහෙම අපි වැඩකටයුතු කරන්න ඕනේ.

75 වන සංවත්සරය තියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැත්නම් රටටටයි හොඳ නැත්තේ. ලෝකය කියයි මේක කරන්නත් සල්ලි නෑ කියලා. ආයෝජකයෝ, සංචාරකයෝ ගේන්න නම් මේ වගේ වැඩ කරන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *