උතුරු නැගෙනහිරට සහ අනිකුත් පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට රජය එකඟ වී ඇත.
ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම්. සුමන්තිරන් සමඟ පැවැති සාකච්ඡාවක දී රජය එම තීරණයට කැමැත්ත පළකර තිබේ.
මේ අනුව සෑම පළාත් සභාවක් සඳහාම එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැගින් නව දෙනෙක් පත්කරන ඇත.
කොළඹ නගරය පාලනයට තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කෙරේ.
එසේම ඉඩම් කොමිසමක්ද ස්ථාපිත කෙරේ. රජය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.
චෝදනා රහිතව සිටින ද්‍රවිඩ සැකකරුවන් පස්දෙනකු නිදහස් කිරීමට ද එහිදී රජය එකඟ වී තිබේ.