රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සමූපකාර ඡන්දෙත් පරාදයි…!

January 19, 2023 at 12:26 pm | by emanisa.lk

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අන්ත පරාජයකට පත් වී ඇත.

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැත්විණි.

එහි දී ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානයයි.

තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෝ වෙති.

රාජ්‍ය ඇමැතිවරයා අන්තපරාජයකට පත්වීමත් සමඟ එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිටදීම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කළහ.

ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත ද එම ඡන්දයට ඉදිරිපත් වූ අතර ඔහු පස්වැනි ස්ථානයට පත්ව සභිකයකු ලෙස තේරීපත් විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *