දෙන්නම් කාසිවලට ආරක්ෂාව දෙන්න බෑ…! ඡන්දේ කරන්න බිලියන 03ක් ඕන..! ඡන්දෙට කලින් හිඟ බිලියනේ ඕන..! – පොලිස්පති මැ.කොට කියයි…

January 14, 2023 at 9:38 am | by emanisa.lk

මහා මැතිවරණ රාජකාරී වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රු. බිලියනයකට අධික මුදල මෙතෙක් ලැබී නොමැති බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ.

මෙවර මැතිවරණයේ දී දෙන්නම් කාසිවලට රාජකාරී සඳහා නිලධාරීන් යෙදවිය නොහැකි හෙයින් හිඟ මුදල පළමුව ගෙවන ලෙස ද පොලිස්පතිරවරයා ඉල්ලා තිබේ.

මෙම මැතිවරණය ගමේ මැතිවරණයක් බැවින් ගැටුම් ඇති වීමේ අවධානම වැඩි බවත් එහෙයින් අතිරේඛ බල ඇනි කැඳවීමට සිදුවිය හැකි බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

එසේ ම මෙවර මැතිවරණ රාජකාරී සඳහා රු. බිලියන 03ක් පොලිසියට අවශ්‍ය බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති පොලිස්පතිවරයා, හිඟ මුදල් ගෙවා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන තුරු මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *