ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 74 වන වියෙහි පසුවිය. ඊයේ (12) රාත්‍රීයේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවැති රැස්වීමක් අතරතුර හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ හදිසි හෘදයාබාධයකට ලක්ව තිබේ.
අනතුරුව හිටපු මහ අමාත්‍යවරයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෙජිනෝල්ඩ් කුරේ කලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.