තාත්තා කළා කියලා සජිත්ට බෑ…! හමුදාවේ හිටියා කියලා ෆොන්සේකටත් බෑ…! ජවිපෙට රට හදන්න සැලසුමක් නෑ…! – පාඨලී…

January 10, 2023 at 1:01 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස සමඟ දේශපාලනය නොකිරීමට තමන් තීරණය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය යල්පැන ගිය එකක් බවත් පියා දේශපාලනය කළ පමණින් පුතුන්ට දේශපාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම හමුදාවේ සිටි පමණින් දේශපාලනය කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳව අදහස් පළ කරන චම්පික රණවක, මෙරට පවතින සෙසු දේශපාලන පක්ෂ සමඟ සැසඳීමේදී ජනතා විමුක්ති පෙරමුණ පවුල් දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන බව ද පවසයි.

එහෙත් ඔවුන්ට රට වර්තමානයේ මුහුණ දෙන ගැටලුට විසඳුමක් ලබාදීමට නොහැකි බවත් ඒ සඳහා හැකියාව ලැබෙන ප්‍රතිපත්ති වෙනස් කිරීමකට සූදානම් නම් පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා එය =ප්‍රකාශ කළ යුතුව ඇති බවත් චම්පික රණවක කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *