අනුරලගේ ලස්සන කතාවලට ජනතාව ඡන්දෙ දෙන්නෑ..! ඊළඟ ආණ්ඩුව හදන්න සජබ සූදානම්…! – තිස්ස අත්තනායක…

January 4, 2023 at 7:07 pm | by emanisa.lk

කිසිවෙකු වේදිකාවේ ලස්සන කතා කී පමණින් රටක් පාලනය කළ හැකි යැයි සිතන්නට රටේ ජනතාව සූදානම් නොමැති බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

අවසන් මැතිවරණයේ දී ද ජනතා විමුක්ති පෙරමුණට හිමි වූයේ 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවයි, ඔහු සඳහන් කළේ.

රෝහණ විජේවීරට රටේ ඡන්ද 5%ක් ලැබුණ ද එය අනුර දිසානායක යටතේ 3% දක්වා පහත වැටුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.

චන්ද්‍රිකා සමග සන්ධානගතව ආසන 41ක් ලැබුව ද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය දැරුව ද කිසි විටක ඔවුන්ට 3%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන ගමන යනු ඇති බවත් ඊළඟ ආණ්ඩුව පිහිටුවන පක්ෂය ලෙස සමගි ජන බලවේගය ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තිස්ස අත්තනායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *