මම කොරියානු නිල හමුවට නියම වෙලාවට ආවා…! පැය භාගයක් කලින් එන්න කිව්වේ මාධ්‍යයට විතරයි..! – රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්…

December 23, 2022 at 5:58 pm | by emanisa.lk

කොරියානු නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාව සඳහා පැය භාගයක් පමා වී පැමිණි බවට සිදුකළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ අදාළ හමුව ඊයේ (22) උදෑසන 9.30ට යොදා ගෙන තිබූ බවයි.

උදෑසන 9 වන විට එහි පැමිණීම සඳහා දන්වා තිබුණේ මාධ්‍ය සඳහා පමණක් බවත් ඒ ඔවුන්ට අදාළ උපකරණ පිළියෙළ කර ගෙන අදාළ හමුව ආවරණය කිරීමට සූදානම් වීම සඳහා බවත් ඇමැති අනුප පස්කුවල් සඳහන් කරයි.

යොදා ගත් ආකාරයට ම අදාළ හමුව උදෑසන 9.30ට යොදා ගත් අතර මතුව ඇති තත්ත්වය පිළිබඳ කොරියානු නිලධාරී චෝ සන් ලී ද මාධ්‍ය කැඳවා පැහැදිලි කිරීමක් කරනු ඇතැයි සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, අසත්‍ය පුවත් ප්‍රචාරය කළ මාධ්‍යවලට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *