බෝන් එගේන් යනු කතෝලික ආගම අදහන එක් ජන කොටසක් බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
සජබ සභාපති ෆොන්සේකා පෙන්වා දෙන්නේ එය ලංකාවේ බුදු දහමෙහි පවතින මල්වතු අස්ගිරි රාමාඤ්ඤ නිකාය වැනි කොටසක් බවයි.
තමන් කැමැති ආගමක් ඇදහීම ජනතාවගේ අයිතියක් කිසිවෙකුට එම ආගමික කොටස වෙත ඇඟිලි දිගු කළ නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
තම බිරිඳට, ජලනි ප්‍රේමදාසට සහ තිස්ස අත්තනායකට බෝන් එගේන් චෝදනා එල්ල කිරීම හෙළා දකින බවත් තමන් හොඳ සිංහල බෞද්ධයින් බවත් සරත් ෆොන්සේකා අවධාරණය කළේය.
අද (22) සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.