පක්ෂයක් ලෙස වැරදි කරලා ඇති…! ඒ සියල්ල නිවැරදි කරගත යුතුයි…! – නාමල්..

December 16, 2022 at 8:25 am | by emanisa.lk

පක්ෂයක් ලෙස වැරදි සිදු කර තිබිය හැකි බවත් ඒවා නිවැරැදි කරගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

පක්ෂක් ලෙස නැවත ප්‍රතිසංවිධානය විය යුතු අතර මේ අවස්ථාවේ දේශපාලන ස්ථාවරත්වයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි ගමන පිළිබඳව දීර්ඝ කතිකාවතක් ඒ හරහා ගොඩනගාගත යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහු මේ බව පවසා ඇත්තේ අධිකරණය හමුවේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *