බොරැල්ල කනත්තෙන් හමු වූ පැහැරගත් ව්‍යාපාරිකයා මරුට..! ප්‍රකට ක්‍රිිකට් විචාරකයාගේ නමත් ගෑවෙයි..!

December 16, 2022 at 6:57 am | by emanisa.lk

බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ  ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක්  තහවුරු කළේය.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව  පවසමින්  ඊයේ 15 දහවල් නිවෙසින් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර  දුරකථනය ක්‍රියා විරහිත වීම නිසා බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇත.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව දන්වා බොරැල්ල සුසාන භූමිය වෙත යවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත  අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමාසිරකර තිබියදී  සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව  වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයකු දැක තිබූ බව පොලිසිය කියයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාට ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කිසියම් පිරිසක් එක්ව සභාපතවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස කූර වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස