පළාත් සභා ඡන්දේ තියලා පළාත් සභා සක්‍රීය කරනු..! – පාඨලී…

December 15, 2022 at 9:54 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගත යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථානුකූල බාධාව ඉවත් කර ගැනීම සඳහා පනතක් සම්මත කරගත යුතු බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

එම බාධා ඉවත් කර පළාත් සභා මැතිවරණය තැබිය යුතු බවත් එසේ නොමැතිව නැවතත් පාර්ලිමේන්තු කාරක සභා පත් කර ප්‍රශ්නයේ මුලට ගියහොත් කිසිදා පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

පසුගියදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *