ඊළඟ පොහොට්ටු ආණ්ඩුව යටතේ ඩොලරය රු. 10ට වැටෙනවා…!

December 11, 2022 at 8:33 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ යනු ඉතා ම නිහඬව නිර්මාණශීලීව කල්පනා කොට බලා කටයුතු කරන දේශපාලන චරිතයක් බව එක්සත් ලංකා ජනතා පක්ෂයේ නායක නිහාල් ප්‍රේමකුමාර පවසයි.

සියලු දේශපාලන පක්ෂ නායකයින් විද්වතුන් බලා සිටින්නේ ඊළඟට බැසිල් රාජපක්ෂ ගන්නා පියවර දෙස යැයි ද නිහාල් ප්‍රේමකුමාර සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දේශපාලන සුසංයෝගයක් ඇති වේ යැයි කිසිවෙකු බලාපොරොත්තු නොවූ බවත් රටේ ඉදිරි දේශපාලනය තීරණය කරන්නේ පොහොට්ටුව බවත් ඔහු අවධාරණය කළේය.

නුදුරේ දීම ඇමරිකානු ඩොලර් බිලියන තුන් හාර සියයක ආයෝජන රටට එන බවත් ඩොලරය රු. 10-15ට වැටෙනු ඇති බවත් පෙන්වා දුන් එක්සත් ලංකා ජනතා පක්ෂයේ නායක නිහාල් ප්‍රේමකුමාර, එවිට අනුර දිසානායකලාගේ සිහිනය බොඳ වනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ (10) පැවැති සහෝදර පක්ෂ එකමුතුවේ මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *