අතුරලියේ රතන හිමි පන්සිල් පදවලින් නොකැඩූ සිල් පදය කුමක් දැයි සොයා ගත යුතුව ඇතැයි අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
විදුලි බිල නැංවීමේ අවශ්‍යතාව පිළිබඳ ඇමැතිවරයා සිදුකළ කතාවක් පිළිබඳ රතන හිමි ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මෙසේ සඳහන් කළේය.
සූර්ය විදුලි ඒකකයක් රු. 26ට, රු.32, රු. 36 සහ රු. 54ට ලබා දීමට ලංසු ඉදිරිපත් කර ඇතැයි අතුරලියේ රතන හිමි එහි දී සඳහන් කළේය.
ඉන්ධන දහනයෙන් රු. 100ට විදුලි ඒකකයක් ගත හැකි නම් සූර්ය විදුලි ඒකකයක් රු. 50-60ට මිල ගැනීමට නොහැකි ඇයි දැයි ද එහිමියෝ ප්‍රශ්න කළහ.
සුළං බල විදුලි ඒකකයක් අදානිගෙන් අඩු මිලට ගැනීමට එරෙහිව වූ රතන හිමි දැන් ඒකකයක් රු. 60ට මිලට ගන්න යැයි කියන්නේ මන්දැයි ප්‍රශ්න කළ ඇමැති විජේසේකර උන් වහන්සේ පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන් දැයි ප්‍රශ්නයක් මතු වන බව ද ප්‍රකාශ කළේය.
අද (16) පාර්ලිමේන්තුවේ දී මෙම සංවාදය ඇති විය.