ගොවියාගේ වී සාධාරණ මුදලකට මිල දී ගත හැකි බව නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල පවසයි.
ඒ සඳහා පිට රටින් සහල් ආනයනය නතර කළ යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එසේ වුවහොත් රුපියල 125ක් වැනි මිලකට වී කිලෝවක් ගොවීයාගෙන් මිල දී ගත හැකි බවද හෙතෙම පැවසීය.
“අපේ රටට විශාල වශයෙන් සහල් විදේශ රටවල්වලින් ගේනවා. ජනවාරි මාසේ 15 වැනිදායින් පසු විශාල වී අස්වැන්නක් අපිට එනවා. ඒ නිසා රජයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ සහල් ගේන එක නවත්වන්න. එහෙම කළොත් එන මාස් කන්නයේ රුපියල් 100කට වාගේ මිලකටවත් ගොවියාගෙන් අපි වී මිල දී ගන්න සැලසුම් කරන්න ඕනේ.”
මාධ්‍යවේදියා – ඇත්තටම ඔබතුමාලා ගන්නේ කීයටද?
“90ත් 100ත් අතර අපි වී කිලෝව ගන්නවා මේ වෙලාවේ. රටෙන් ගේන එක නැවැත්වුවහොත් අපට ගොවියාට රුපියල් 120 ක් 125ක්වත් දීලා සමාන්‍යයෙන් පාරිභෝගික ජනතාවටත් සාධාරණ මිලකට සහල් ටික ගන්න අපිට පහසුකම හදන්න.”