පාඩු ලබන ආයතන කවුද ගන්නේ…? විකුණන්න වෙන්නේ ලාභ ලබන ඒවා තමයි..! – දිළුම්…

December 1, 2022 at 10:27 am | by emanisa.lk

ඇමරිකානු ඩොලර් බිලියන 3-4ක් වැනි විදේශ සංචිතයක් පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා පෞද්ගලීකරණය හැර විකල්පයක් නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

“රක්ෂණ සංස්ථාව අදටත් පවතින්නේ පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව කරගෙන ගිය නිසා. මේක විදේශීය ආයෝජකයින්ට ම දෙනවා කියලා එකක් නෑ. නමුත් තියෙන කොටසක් පෞද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක විතරයි ඒකෙ සඳහන් කරන්නේ.
ඒකෙන් නරකක් වෙන්නෙ නෑ. පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? ඩොලර් බිලියන තුනක් හතරක් අපට සංචිත හැටියට තියාගන්න වෙනවා භාණ්ඩාගාරයේ. ඉතින් මේක ගන්න හදිසියේ වෙන ක්‍රමයක් නෑ.”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මේ බව පැවසුවේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *