ඇමරිකානු ඩොලර් බිලියන 3-4ක් වැනි විදේශ සංචිතයක් පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා පෞද්ගලීකරණය හැර විකල්පයක් නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
“රක්ෂණ සංස්ථාව අදටත් පවතින්නේ පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධව කරගෙන ගිය නිසා. මේක විදේශීය ආයෝජකයින්ට ම දෙනවා කියලා එකක් නෑ. නමුත් තියෙන කොටසක් පෞද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක විතරයි ඒකෙ සඳහන් කරන්නේ.
ඒකෙන් නරකක් වෙන්නෙ නෑ. පාඩු ලබන ආයතන විතරක් කවුද ගන්නේ ? ඩොලර් බිලියන තුනක් හතරක් අපට සංචිත හැටියට තියාගන්න වෙනවා භාණ්ඩාගාරයේ. ඉතින් මේක ගන්න හදිසියේ වෙන ක්‍රමයක් නෑ.”
රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මේ බව පැවසුවේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.