ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම ජාතික සම්පත් විකුණා විදේශ සංචිත වැඩි කරගෙන නැවත ණයට කකා ජොලියේ සිටීම යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
එම සූත්‍රයෙන් උපරිම දුර රට පැමිණි බවත් එම අසාර්ථක මොඩලයට රටක් ගොඩනැඟිය නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.
එය අවබෝධ කර ගැනීම සඳහා ගැඹුරු සංවාදයක් ආරම්භ නොකරන්නේ නම් වැටුණු වළෙන් හෝ මොළේ පාදා ගැනීමට අප අසමත් වන බව කනගාටුවෙන් වුව ද කිව යුතුව ඇතැයි විමල් වීරවංශ සඳහන් කරයි.
අද (30) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.