මෛත්‍රීපාලට මා ඉවත් කරන්න බෑ…! සන්ධාන මහ ලේකම් මමයි..! – අමරවීර..

November 29, 2022 at 6:44 am | by emanisa.lk

තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.

ලිපියක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්‍ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම පිළිබඳව දැනුම්වත් වී නොමැති බවය.

එබැවින් එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී කටයුත්තක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිළිබඳ යම් දැනුම්දීමක් කොමිසම වෙත ලැබී ඇත්නම් ඒ සඳහා ක්‍රියාකිරීමෙන් වළකින ලෙසට ද අමාත්‍යවරයා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *