විධායක ජනාධිපති ධූරයේ බර සමඟ මුදල් අමාත්‍ය ධූරයේ වගකීම සාර්ථක ලෙස ඉටු කළ නොහැකි බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
එහෙයින් ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මුදල් අමාත්‍ය ධූරය භාර දෙන ලෙස තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම සඳහන් කරයි.
ජනමාධ්‍යවේදීන්ට ලබාදුන් රක්ෂණය මෙවර අයවැයෙන් ඉවත් කිරීම ගැන කනගාටුවන බවද ඔහු සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.