මෛත්‍රී-දයාසිරි බල බිඳේ..! ශ්‍රීලනිප නායකත්වය නැවතත් චන්ද්‍රිකාට…!

November 17, 2022 at 11:15 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් නැවත නායකත්වය ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

පසුගියදා ඈ හමු වීමට පැමිණි ශ්‍රීලනිප නායකයින් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකරගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය විශාල පරිහානියකට ලක්ව ඇතැයි පෙන්වා දී තිබේ.

එහෙයින් පක්ෂය එම විනාශයෙන් බේරා ගෙන නැවත නඟා සිටුවීම සඳහා එහි නායකත්වය භාර ගන්නා ලෙස එම පිරිස හිටපු ජනාධිපතිනියගෙන් ඉල්ලා තිබේ.

එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ තමන් ශ්‍රීලනිපය භාර ගෙන නැවත ගොඩනැඟීමට සූදානම් බවත් ඒ සඳහා මුලින් ම මෛත්‍රී සහ දයාසිරි තනතුරුවලින් නෙරපා හැරිය යුතු බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *