ගාලු මුවදොර අරගලය වැනි බාග ජයග්‍රහණ ගෙනෙන සටන් මේ රටට තව දුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
“මේ ආර්ථික ගමන් මග විසින් පීඩාවට පත්වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටනක් දියත් කරන්න ඕනෙකම තිබෙනවා. වෙන වෙන සටන් නෑ හොඳේ … කට්ටිය කියනවා කට්ටියක් එක්ක පාරට බහිමු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කියලා.
ඔය බැස්සෙ … ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එක කට්ටියක් එක්ක, ආර්ථිකය වෙනුවෙන් තව කට්ටියක් එක්ක, හොරකම්වලට විරුද්ධව තව කට්ටියක් එක්ක, එහෙම තියෙනවාද සටන් ? අද සැබෑ ජනතාවාදී කඳවුරට එරෙහිව ඩුප්ලිකේට් කඳවුරු හදන කුමන්ත්‍රණයක් තිබෙනවා.
ජනතාව සංවිධානය නොවෙන, අරමුණක් නැති, ඉලක්කයක් නැති ඕනෑම සටනක් අමිහිරි අත්දැකීම්වලින් කෙළවර වෙනවා. ඒක තමයි පසුගිය ගෝල්ෆේස් සටන. ඉලක්කය පැහැදිලි නෑ. බාග ජයග්‍රහණ. මේ රටට තව දුරටත් අවශ්‍ය බාග ජයග්‍රහණ නෙවෙයි.”
අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (13) පැවති එම පක්ෂයේ ඉල් මහ විරු සමරුව අමතමිනි.