අරගලයේ මව්වරුන්ගේ පා ගමන පානදුරින් නිමයි..! මුළු පා ගමන ම පොලිස් ජිප් රියක පටවා ගෙන යයි…!

November 12, 2022 at 6:32 pm | by emanisa.lk

අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි දී ඊට බාධා කළේ යැයි චෝදනා කරමින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයට ගෙන තිබේ.

අද (12) උදෑසන කළුතරින් මෙම පාගමන ආරම්භ කිරීමේදී ද පොලීසියෙන් බාධා එල්ල වී ඇති අතර බාධා මධ්‍යයේ ඔවුන් ගමන ආරම්භ කර තිබුණි.

මෙම කාන්තාවන් දෙදෙනා බොරැල්ල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *