ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 96 කින්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 105 කින්, හාල්මැස්සන් කිලොවක් රුපියල් 200 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 17 කින් අඩු කර ඇත.
මෙම මිල අඩු කිරීමත් සමග සුදු සීනි කිලෝවක් රුපියල් 238 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 279 කට, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 කට, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 1300 කට සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 398 කට මිලදී ගත හැකිය.