මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ගාලු මුවදොර පිටියේ අද (02) උපවාසයක නිරත විය.
ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහ ජනතාවට ඇරයුම් කරති.
එයට කහඳවැවපොත ධම්මසුජාත හිමි සහ තවත් හිමි නමක් ද නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු ද සහභාගී වූහ.
කෙසේ වුව ද මෙම උපවාසය සඳහා ජනතා සහභාගීත්වයක් දක්නට නොලැබිණි