අද කොළඹ විරෝධතාවට කිසි ම අවසරයක් නෑ…! පාරවල් වහලා ජනතාවගේ අයිතිවාසිකම් කඩන්න ඉඩ නෑ..! – පොලිසිය…

November 2, 2022 at 11:54 am | by emanisa.lk

සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ සිවිල් සංවධානය සහ වෘත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝධතාව සඳහා අවසර නොදෙන බව පොලිසිය සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන්. දිල්රුක්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම විරෝධය නිසා කොළඹ මාර්ගවල ගමන් කරන ජනතාවට රැකියා සඳහා පැමිණි ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සඳහා ව්‍යවස්ථාවෙන් හිමි වන අයිතිය උල්ලංඝනය වන බව එම ලිපියෙන් පෙන්වා දෙයි.

කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව ද එම නිසා භාණ්ඩ බෙදා හැරීම් කටයුතු ප්‍රමාද වන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත.

එසේ ම මෙම විරෝධතාව නිසා ආයෝජන කළාපවල සිට වරාය වෙත පැමිණෙන වාහනවලට, සංචාරකයින්ට සහ සංචාරක හොටෙල් සඳහා විශාල බලපෑම් එල්ල වන හෙයින් විරෝධතා සඳහා අවසර ලබා නොදෙන බවත් එමගින් වැඩි දුරටත් අවධාරණය කරයි.

එසේ ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා අවසර ලබා දී නොමැති බවත් රටේ නීතියට අනුගත නොවී කටයුතු කළහොත් පොලිසියට පැවරී ඇති බලතල අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් එහි සඳහන් වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *