පොළවේ ගැසූ පුවක් මලක් වගේ පොහොට්ටුව සීසීකඩ…! කළකිරුණු හැමෝම උත්තර සභාගෙට එනවා..! – ගම්මන්පිල…

October 31, 2022 at 6:11 pm | by emanisa.lk

පොහොට්ටුව පොළවේ ගැසූ පොල් මලක් මෙන් සීසීකඩ විසිරී ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එහි සිටින කළකිරුණු පිරිස් තම කණ්ඩායම හා එක්වෙමින් සිටින බව ද හෙතෙම හෙළිදරව් කළේය.

තම කණ්ඩායම ඇමැති ධූර අහිමි කරගත්තේ 69 ලක්ෂයකට ලබා දුන්න පොරොන්දු ඉටු කරගැනීම සඳහා ආණ්ඩුව තුළ සටන් කළ නිසා මිස කළ වරදක් වසා ගැනීමට ගොස් නොවේ යැයි ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ නිසා පොහොට්ටුව එපා වූ කතාව වඩාත්ම ආකර්ෂණීය වන්නේ තම කණ්ඩායම වන උත්තර සභාගය වෙත බව ද හෙතෙම සඳහන් කළේය.

උදය ගම්මන්පිල බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (31) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *