ජනතාවගේ ගැටලුවලට උත්තර දෙන්න රට පුරා සම්මන්ත්‍රණ කරනවා…! – ගම්මන්පිල…

September 19, 2022 at 1:29 pm | by emanisa.lk

කිසිදු පක්ෂයක් සඳහා ප්‍රමුඛතාව නොලැබීම උත්තර ලංකා සභාගයේ විශේෂත්වය බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එහි විධායක සභාවෙහි සෑම පක්ෂයක ම නියෝජිතයින් 05 දෙනෙකු සඳහා අවස්ථාව ලබා දී තිබෙන බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

රටේ ජනතාවගේ ගැටලු සඳහා පිළිතුරු ලබා දීමට රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරන බව ද ගම්මන්පිල සඳහන් කළේය.

එහි සභාපති හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ, ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑ ම මැතිවරණයක් සඳහා තමන් උත්තර ලංකා සභාගය ලෙස තරඟ වදින බවයි.

රනිල් වික්‍රමසිංහගේ වේෂ නිරූපණය සහිතව ඉදිරියට ඇදෙන පොහොට්ටු ආණ්ඩුවට සහ එහි ආරක්ෂකයින්ට එරෙහිව ඉදිරියේ දී සිදු කරන විවේචනය දැඩි කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

උත්තර ලංකා සභාගයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *