බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේ දී උපැවිදි වන බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැති බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඉදිරියේ දී සාකච්ඡා කොට ඊට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.