රට විනාශ කළේ රාජපක්ෂලා..! උන්ට ආයේ ඡන්දේ දෙන්නේ හරක්…! රුවැන්වැලියේ දිවුරුම ගෝඨාට ශාපයක් වුණා..! – මිහින්තලේ නාහිමි…

October 27, 2022 at 12:37 pm | by emanisa.lk

මේ රටට වැඩි ම විනාශය ‍කළේ රාජපක්‍ෂලා විසින් බවට මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.

දැන් නැවතත් වැටී වැටී නැගිටින්න හදන්නේ එහි රස දන්නා නිසා බව ද නැගිටින්නේ ජනතාව නොව රාජපක්ෂලා බව ද උන්වහන්සේ කියා සිටිති. රාජපක්ෂලාට නැවත ඡන්දය දෙන්නේ නම් එම පිරිස් හරකුන්ටත් අන්ත බවත් උන්වහන්සේ පැවසූහ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුවන්මැලි සෑ පුදබිමෙහි දිවුරුම් දීම සාපයක් වූ බව ද ඒ සාපය පල දුන් බව ද උන්වහන්සේ කියා සිටියහ.

භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයට පිවිසීමට දැඩි විවේචන එල්ල කළ උන්වහන්සේ කියා සිටියේ භික්ෂූන් වහන්සේලා ආගමික කටයුතුවල නිරත වීම ප්‍රමාණවත් බවය.\

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *