ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා රට තුළ ප්‍රතිපාදන තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඒ පිළිබඳ කිසිදු වාද විවාදයක් තිබිය නොහැකි බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ද හෙතෙම සඳහන් කරයි.
එම මන්ත්‍රීවරයාගේ ඝාතනයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වගකිව යුතු බව ද ඊට එරෙහිව කටයුතු කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.