අනුර දිසානායක 2004 වසරේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගීතයක් නිර්මාණය කළ බව ගායන ශිල්පී ක්රිෂාන්ත එරන්දක පවසයි.
ඒ ඔහු විසින් ක්රියාත්මක කළ වැව් දස දහසක් ප්රතිසංස්කරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් බවයි, ක්රිෂාන්ත එරන්දක පවසන්නේ.
ඒ ගීතය නිර්මාණය සඳහා 2004 වසරේ දී රු. ලක්ෂයකට අධික මුදලක් වැය වූ බව ද ඔහු සඳහන් කළේය.
ඔහු එසේ පවසන්නේ ජවිපෙ නායක අනුර දිසානායක මුලසුන හෙබ වූ ඊයේ (23) මහරගම පැවැත්වු පක්ෂ රැස්වීමකදීය.