ලංකාවට ඩිස්නිලන්තය ගෙන ඒමට මේ වන විට සාකච්ඡා සිදු කරමින් ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
ඇමැතිවරිය විශ්වාසය පල කළේ, එමගින් ලංකාවට විශාල සංචාරක පිරිසක් ආකර්ෂණය කරගත හැකිවනු ඇති බවටයි.
කංසා මත්ද්‍රව්‍යයක් ලෙස ලංකාවේ තහනම් කළ යුතු වුව ද ඖෂධයක් ලෙස වගා කර අපනයනය සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ද ඩයනා ගමගේ අවධාරණය කළාය.