ඩොලර් ප්‍රශ්නෙට ආණ්ඩුව දෙන උත්තර අර්බුදය තවත් උග්‍ර කරනවා…! – විමල්….

October 19, 2022 at 8:45 am | by emanisa.lk

රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට රජයට අනුබද්ධිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් නැතැයි තවත් ජාත්‍යන්තර සැපයුම්කරුවන් ගෙන ආ යුතු බව ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගෙන එන ඇමැතිවරයා ඇතුළු පිරිස ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

දැනට ලංකාවේ ඉන්ධන වෙළඳාමේ යෙදෙන ලංකා IOC සමාගම සිය ලාභය ඉන්දියාවට රැගෙන යන්නේ ඩොලර් ලෙස නොවේ දැයි ඇමැතිවරයා ප්‍රශ්න කරයි. එසේ ම එම සමාගම ලංකාවට ඉන්ධන ගෙන එන්නේ ඉන්දියාවෙන් ඩොලර් ගෙනැවිත් දැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

ඉන්ධන වෙළඳපොළට තවත් විදේශ සමාගම් ගෙන ඒමෙන් ඩොලරය මත ඇති පීඩනය තවත් වැඩි වන හෙයින් එම පීඩනය අඩු කරලීම පිණිස ඉන්ධන වෙළඳපොළ සඳහා දේශීය ආයෝජකයින් ගෙන ආ යුතු බව ද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

දකුණු ආසියාවේ කිසිදු රටක් විදෙස් සමාගම්වලට ඉන්ධන වෙළඳපොළ විවෘත කොට නැති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, බලශක්තිය ජාතික ආරක්ෂාව සමග බැඳී පවතින බවත් රුසියාව යුක්‍රේනය සමග යුද්ධ කරන අතර සිය බලශක්තිය භාවිත කරමින් යුරෝපීය ජනතාව එම රටවල ආණ්ඩුවලට එරෙහිව මහ පාරට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *