ලංකාව දුප්පත් රටක් ලෙස නම් කරයි..!

October 11, 2022 at 2:30 pm | by emanisa.lk

මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි අසීරු තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන මගින් ණට ආධාර ලබාගැනීම පහසු කරගැනීහේ අපේක්‍ෂාවෙන් මෙසේ මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා පහත දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන  අද (11) මේ බව පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *