ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.
මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.
පාඨලී චම්පික රණවකගේ නම ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවටයෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනය. නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරු යෝජනාව ස්ථිර කළහ.