පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (06) යළි පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කරන බව ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක ප්‍රකාශ කරයි.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ මාධ්‍ය හමුවක් පවත්වමින් “සිසුන් මරණ තර්ජන එල්ල කළේ නම් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?” දැයි නැගූ චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී පීඨාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
“විශ්වවිද්‍යාලයේ සියලු සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රැකදීම සඳහා කටයුතු කරද්දී දේශපාලන පක්ෂවල අතකොළු වුණු සිසුන් අපට තර්ජන කරනවා.
සියලු ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන තුරු අපි අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා කියලා අපි තීරණය කළා. මානසික අසහනයකින් ඉන්න පිරිසකට උගන්වන්න අපිට බැහැ.
අපි සාමකාමීව මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කළා. ආචාර්ය මණ්ඩලය, අංශාධිපතිවරු, බහුතර සිසුන් සියලු දෙනා මේ පහර දීමට, වධ දීමට විරුද්ධයි. මේ සිසුන්ගෙන් අප ඉල්ලන්නේ නවක සිසුන් ශාරීරිකව හා මානසිකව පෙළන සාම්ප්‍රදායික භූමිකාවෙන් ඉවත් වෙලා ශිෂ්‍ය භූමිකාවට එන්න කියලයි. එවිට මේ අධ්‍යාපන කටයුතු නැවත අරඹන්න අපි සූදානම්.”
නීති අධ්‍යයන අංශයේ සිසු පිරිසකට පහරදුන් අවස්ථාවේ දී ද තමන් පේරාදෙණිය පොලිසියට මේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ආචාර්ය ප්‍රභාත් ඒකනායක වැඩි දුරටත් පැවසීය.