රනිල් වගේ කේවට්ටයෙක් බිහි කිරීම ගැන ගුරුවරු කම්පා වෙනවා..! – වසන්ත සමරසිංහ…

October 6, 2022 at 5:58 pm | by emanisa.lk

ජාත්‍යන්තර ගුරු දිනය යෙදී ඇති අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

කේවට්ටයෙකු බිහි කිරීමට දායක වුණේ යැයි රනිල්ට ඉගැන්වූ ගුරුවරුන් කම්පාවට පත්වනු ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉස්සර රජවරුන්ට බොරු කියමින් රජ ගෙදර කේවට්ටයින් සිටිය ද අද ජනතාවට බොරු කියන්නට රනිල් පාර්ලිමේන්තු කේවට්ටයා බවට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කරයි.

ජනාධිපතිවරයා ලෙස මේ රටට රනිල් කළ වැඩ මොනවා දැයි ප්‍රශ්න කරන වසන්ත සමරසිංහ, අධික උද්ධමනය නිසා ජනතාව කන්න නැතිව ළමුන් පාසලේ ක්ලාන්ත වී වැටෙන තත්ත්වයක් මතුව ඇතැයි ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *