හිටපු ජනාධිපති ගෝඨා උස්සන්න කැම්පේන් එකක්…!

October 4, 2022 at 4:37 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

Daily Mirror වෙබ් අඩවිය වාර්තා කරන්නේ ව්‍යාපාරික සහ මාධ්‍යයට සම්බන්ධ පිරිසක් මේ සඳහා කටයුතු කරමින් අති බවයි.

හිටපු ජනාධිපතිවරයා අසාර්ථක වූයේ ඔහුගේ පවුල සමීපතයින් නිසා බව ජනතාවට එ්ත්තු ගැන්වීම එහි අරමුණයි.

හිටපු ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර කළ ගම්වලින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

කෙසේ වුව ද පොහොට්ටු පක්ෂය විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ පක්ෂයෙන් ඈත් කොට තැබිය යුතු බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *