අලුත් කෝප් කමිටු හොරුන්ගේ ඩීල්කාරයින්ගේ ජයක්…! මගේ නම අයින් කරලා…! – මහාචාර්ය චරිත හේරත්…

October 4, 2022 at 11:40 am | by emanisa.lk

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අලුතෙන් පත්කිරීමේදී දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයන් දවසකට ජය ගෙන ඇතැයි එම කමිටුවේ හිටපු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

තමන් අනුමාන කළ ආකාරයට ම මාස දෙකක කාලයක් ප්‍රමාද වී ප්‍රකාශයට පත්කළ කෝප් කමිටුවේ ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත් කර තිබෙන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඊයේ (3) පත්කළ නව කෝප් කමිටුව පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චරිත හේරත් මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *