දහස් ගණනක් ලංගමයට හොර පාරෙන්…! පඩි ගෙවන්න මහජන මුදල් මිලියන ගණනක්…!

June 25, 2022 at 12:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2017 වර්ෂයේ දී නිසි අනුමැතියකින් තොරව සේවකයන් දහස් ගණනක් බඳවා ගෙන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය.

මේ අතර එම මණ්ඩලයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ සේවකයන් 2770 ක අතිරික්තයක් පවතින බව විමර්ශනවල දී තොරතුරු අනාවරණයවී ඇතැයි කෝප් කමිටුව පවසයි.

මේ තත්ත්වය බරපතළ ගැටලුවක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවැසීය.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ මාර්තු 17 වැනි දිනැති ලිපියෙන් ලංකා ගමනාගමන ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා අනුමත කර ඇත්තේ සේවකයන් 24,886 ක් පමණකි.

එහෙත් ආයතනයේ සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ 27,656ක් දැනට සිටින බව කෝප් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *