වත්මන් ආර්ථික අර්බුදයෙන්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පීඩා විඳිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
වර්තමානයේ දී කිසිවෙක් සැපපහසු ජීවිතයක් ගත කරනවා යැයි කිව නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
මතුව ඇති තත්ත්වයට වගකිව යුතු දේශපාලනඥයන් හෝ නිළධාරීන් සොයමින් සිටීම නොව සිදුකළ යුත්තේ සියලු දෙනා එකට එකතු වී අර්බුදයෙන් මිදීමට අවශ්‍ය පියවර ගැනීම බවද ඇමැති අමරවීර පෙන්වා දෙයි.
මේ සියලු අර්බුද සමග ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස ජනතාවට මුහුණ දීම ද අසීරු බවයි කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ.
කෙසේ නමුත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක විපක්ෂයේ සිටිමින් කෑගැසීම නොව තිබෙන කුමන හෝ ආණ්ඩුවකට එකතු වී දේශපාලනඥයෙකු ලෙස රට වෙනුවෙන් සේවය කිරීම වැදගත් බවද ඔහු සඳහන් කරයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සූරියවැව ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් සඳහා තම පෞද්ගලික වියදමින් වියළි ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.