අරගලකරුවන් පුනරුත්ථාපනය සඳහා ආණ්ඩුව පුනරුත්ථාපන පනතක් ගෙන ඒමට කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
අරගලකරුවන් ඇබ්බැහි වූයේ රටට ආදරය කිරීමට තම සිහින හඹා යෑමට බව පෙන්වා දෙන එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, රට වැට්ටු පාලකයින් දූෂණයට වංචාවට මර්දනයට ඇබ්බැහි වී ඇතැයි ද පවසයි.
එහෙයින් අරගලයේ හෝ අරගලකරුවන්ගේ කිසිදු වරදක් නැති බවත් පුනරුත්ථාපනය කළ යුත්තේ හොරකමට ඇබ්බැහි වූ පාලකයින් බවත් ඔහු අවධාරණය කරයි.
අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අගමැතිකම්වලින් ඉවත් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ නැවත පත්කළ යුතු බවත් වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.
අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම අද (30) මේ බව ප්‍රකාශ කළේය.